Wednesday, January 23, 2013

වීථි දිගේ දිවි සරනා මනු සත්තූ..........!!




ඉපදුණ පවට දුක් උහුළන බෝසත්තු
වසවතු සමඟ යුධ වැද ජය අරගත්තු
නෙක නෙක දනගෙ සොඳ කරුණා ලැබ ගත්තූ
වීථි දිගේ දිවි සරනා මනු සත්තූ

මහල් දෙමහලින් සැදි මනරම් මැදුරූ
දැසිදස් යාන වාහන පලසින් ඇතිරූ
කට දිව පිනන රස ආහර, නැත සොඳුරූ
බල රඟ රඟන යාචක මහරූ අයුරූ



රන් පට රිදී පට සළු නූපුර මාල
තාලම් දවුල් බෙර බුම්මැඩි නැත තාල
වත්සුණු දුහුවිලිය මුව තැවරුණ කෝල
සිත ඉකි ගසයි දු‍ටු මුව පුතුනගෙ බාලා

මහ පිය නුග සෙවණ අතරේ සිටින්නියා
ආදර සෙනෙහෙ සිත උතුරා ගලන්නියා
තුරුලට අරන් මවු උණුහුම සදන්නියා
ලොව්තුරු සුවය දෙගුරුන් ළඟ විඳින්නියා

සිනහ සපිරි ජීවිත අඹරේ දිළෙන
සතුටින් ගෙවන දිවි නිති ඉසුරන් ගෙනෙන
උපන් ගමන් කිරිකැටි පැටියන්  නසන
කුරිරු සතුනි බල සිරි සුරඟන වරුණ

නොලදත් ශිල්ප ගුරු ගෙදරක් නොදු‍ටු ලොවේ
ලදත් සිඟන දිවියක් කරුමෙකින් භවේ
ගුණ නැණ මහිම කෙලෙසක ලැබුවෙහිද ලොවේ
කිළිටි දුගඳ ඔබ ළඟ මා සිරස නැවේ.


No comments:

Post a Comment

hi