Sunday, January 13, 2013

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි...


සෙල් ලිපියක තියෙන
අකුරු වැලක් මෙන්
ඔබ අපැහැදිලියි
වෙරෝනිකා...
හිම කීරි ගැහෙන
හීතලට
එක සුසුම් පොදක්
උණුහුම් වෙන්න මදිබව
ඔබට හැගෙනවද?
වෙරෝනිකා...

ඇළ පහළ දිය බෙතම
ළඟ මූසළ මූසළම හැඳෑවෙ
මියගිය
ඒ අපේ සෙනෙහස
මතකද ?
වෙරෝනිකා...
හඳ මෝදු වෙන්නට කලින්
පෙණ කැටිති බබලන්නේ නෑ.
ඒබව
මම නුඹට කිව්ව මතකද ?
වෙරෝනිකා...
ඈත අහසෙ තාරකා
මියගියත්
කාලයක් දිළිහෙනව
ඒත් ඒවයෙ ජීවයක් නෑ
වෙරෝනිකා...
අපේ ආදරෙත් ඒවගෙ නේද ?
වෙරෝනිකා...
මං නුඹට
ඕනෙ නැති හැම දෙයක්ම
දැනගන්න කිව්වෙ
ආදරේ නිසා නේද ?
වෙරෝනිකා...
වෙරෝනිකා...වෙරෝනිකා....වෙරෝනිකාආආආආආආ.....
.
.
මැරෙන්න තීරණය කරන්න කලින්
ආයෙ පාරක් ,
මගේ ආදරේ තේරුම් ගත්තද ? කියල
හිතල බලන්න
වෙරෝනිකා....

^සූ 

No comments:

Post a Comment

hi