Saturday, January 26, 2013

ජය හෙළදිව වන්නම..

(සිංහල උඩරට නර්තන සම්ප්‍රදායේ එන සැවුළා වන්නමේ නාදරටා අනුව රචනා කොට ඇත)


මාත්‍රා :  1 2 / 1 2 3 / 1 2 / 1 2 3

තානම : 
තම් තම් දන තානාම් දන තම් දන තානාම්
තම් තම් දන තානාත් තෙයි තම්ද......... නාතම් ද නා නා.....

හෙළ හිරු තෙද ‍රැන්දූ... දස බල ‍රැස බැන්දූ
ලෝ තුළ නම ‍රැන්දූ සිහ... ලුගෙ හෙළ දී...පේ......


මහ කළු ගල් පුවරූ... මත මුණි ගුණ වැපිරූ
මහ වැව් දිය කඳුරු බැඳී.... මා හෙළයින්නේ...

රන් මැලි බැඳි ගැමුණූ... මහ ගල් බැඳි කුළුණු
දස අත ලොව ‍රැඳුණූ නම... රන් ජය දීපේ....

රුපු මැඩි රජ ගජබා... රට කළ එඩි යුගබා
‍රැකි දීපයෙ මුරගා  කිවූ...  සිංහලයින්නේ.....

සෙංකඩගල මුදුණේ... බැඳි මාලිග ගුවනේ
මුණි දළදා සරණේ ඇතී..... මා ජය භූමී.......

සීත හිමේ සිරිපා... පිට දක්ෂිණ සිරිපා
වැඳ සිත ගෙන පහදා කිව්.... කවි ගී වරුණේ.....

සිව්කොණ බැඳි තොරණ.. සිටි සිව් දෙවි සරණ
නැත ‍රැකුමට පොරණ පිදූ..... සිරි මවු භූමී....

ජය සිහ දද බඳිමූ.... මගෙ මවු පණ රකිමූ
එමු පෙරමුණ ගනිමූ පර....පුර දස රවුළු..


^සූ

No comments:

Post a Comment

hi