Wednesday, January 23, 2013

"අන්සතු නොවේවා මගෙ ලක් දෙරණ මතූ



මතු මතු ඉපිද දිවි සරි කරගන්න සිතූ
පිහිටා පසඟ වැඳ සිප තුන් සරණ පැතූ
නන්දෙස දනන් ගැන එක මව් සිතින් සිතූ
අන්සතු නොවේවා මගෙ ලක් දෙරණ මතූ

පෑව ලෙවන් හට නිති සුව මෙත් කරුණා
සමනොළ පියවුරෙන් මුදිතා ගුණ පෙරුණා
මහවැලි කැලණි කළු වලවේ ගං පිරුණා
ඒ කිරි දසත කෙත් ගොයමේ කිරි වැදුණා

‍රැකගත් එකම ලෙසකට ආලයේ මිමී
දරුවන් සමඟ සතුටින් හිනැහුණා සොමී
එකගෙයි වෙසෙන විහඟුන් සේ බිබී එමී
කෙලෙසක බිඳුණාද පෑ ඒ සෙනේ බැමී

දෑ කුළ සමය ගොත් නොම ගෙන කර නින්දා
මනුසත් සියලු දෙන ගෙන ඇකයේ රන්දා
සත සිය සහස් කප් කල් සෙනෙහස වින්දා
මගෙ ලක් මවට මොනවා වූවද මන්දා

ධීර සූර එඩි බළ ගුවනත ‍රැන්දූ
වීර විකුම් විරුවන් රුපු බල බින්දූ
කුරිරු කමින් මා මව් රුධිරය කැන්දූ
සපුන් නසාලමු පෙරමුණ ගමු බන්ධූ

^සූ

No comments:

Post a Comment

hi