Tuesday, October 2, 2012

මවයි අහස් ලොව රුවන් රස

මහ සයුරේ සිට මෙපිටට ආවද
සිත කළඹන මේ කිඳුරු ළඳ
මොළකැටි දෙපතුල් සුදු මුව හස‍රැල්
උකටලි මා සිත කරයි තද
නිල් දිය කෙහෙ ‍රැල් පවනේ ලෙළදෙන
පෙණ පිඬු මුතු දළ මවයි රස



සරාගි දෙනුවන් මා මත් කරවන
නිතඹ වටා කෙහෙ කරයි දඟ
කිඳුරු සොඳුරු මුව නගන මියුරු සර
මාහද වීනා නගයි නද
කොහිසිට ආවද මා කළඹන්නට
සුළඟේ පවසන් ඇගේ වග

සරල සුමුදු දළ රළ මත පොපියන
නගින බි‍ඳෙන පෙම්සුවේ රඟ
දිළෙන දිමුතු ගත, සිතමත නළියයි
මවයි අහස් ලොව රුවන් රස
සඳ නැතිවම සියපත් කෙමි හැකිලෙයි
සුසුම් අවසනින් පිනයි සිත.

^සූ 

2 comments:

hi