Tuesday, October 2, 2012

මා හඬනා, හද රෑ සැළුණා

මා හඬනා, හද රෑ සැළුණා
නුඹ මා නෙතු ‍රැඳුණා, බොඳවී රුව පෙනුණා
ඔබ මා රිදවා කොහෙදෝ ගියා, යලි ළංනොවෙනා ඈතක ගියා
සඳ රෑ අහසේ බොඳවී ගියා, තරු පවා වැලපුණා


නිදි රෑ සිහිනෙදි මා, දු‍ටු රූ සිත බැඳුණා
සසරේ පෙම් පුරනා නුඹ මා ළඟ ‍රැඳුණා
ඔබ මා රිදවා කොහෙදෝ ගියා, යලි ළංනොවෙනා ඈතක ගියා
සඳ රෑ අහසේ බොඳවී ගියා, තරු පවා වැලපුණා

ඈ නිල්නෙතු මා සතු නෑ, පියව ගියා
පැතු පෙම් පෙරුමන් මා, අද නෑ සුන්වෙලා
ඔබ මා රිදවා කොහෙදෝ ගියා, යලි ළංනොවෙනා ඈතක ගියා
සඳ රෑ අහසේ බොඳවී ගියා, තරු පවා වැලපුණා

^සූ

No comments:

Post a Comment

hi