Tuesday, October 2, 2012

සහස් සුවහස් කල් පිරූපෙම

කුමට දහසක් දෙනෙත් පොපියන
නොමැතිනම් ඔබෙ රුව දකින්නට
හමන මදනල සමඟ මිතුරුව
ගයන ගීතය තනුව කිවමැන
සහස් සුවහස් කල් පිරූපෙම

අහිමි වන විට දෙනෙත් අභියස
තවත් කුමකට ගයනු පෙම්ගී
කඩාලමි පෙම් පිරුණු හදවත

දකින නොදකින නිමේශයකට
නොහැකිනම් සිත ඔබෙන් මිදුමට
එයද වලකනු රිසිව නැග එන
උමතුවෙන් සැරිසරමි තැන තැන
සතුට උතුරපු දෙනෙත් මත නැත
සතුට,කඳුළුය ඉවුරු බිඳ එන
දැවෙනු වාගෙයි සිරුර ගිනිගෙන
හඬන හදවත අස්වසාලන
ඔබේ හඬ නැත සොයමි තැන තැන
ඔබත් අහිමිව පෙමත් අහිමිව
ඵලක් නැත තව සිතක් ‍රැකගෙන
යලිත් ඉපදෙමි ඔබ පතාගෙන
පතමි සතුටම තුටින් ඉනු මැන

^සූ

No comments:

Post a Comment

hi