Monday, November 5, 2012

තාත්තේ...!

ගෙදර හිටියත් කතා නොකරන
ගෙදර නැති විට කරුණු විමසන
මෙහෙකරුවෙකු මෙන්
නිහඬවම මගේ කටයුතු සියල්ල සපුරා
තේ කෝප්පය පවා ළඟට ගෙනත්
මට සළකන


අම්මටත්
මුණුබුරු මිණිබිරියන්ටත් හොරෙන්
රටකජු, පොඩි වඩේ
ගෙනත් මගේ ළඟින් තියා

නිහඬවම පිටවයන
ගෙදර නැතිවිට
කරදර කර කර
ඉන්නෙ කොහේදැයි
විමසන්නට වදදෙන
කිසිදාක ආදරයක් නොපෙන්වූ
මුහුණට හමුවුවත් සිනහ නොවන
මගේ ජයකදි සතු‍ටු මොහොතෙදි
කාටත් හොරෙන් කඳුළු සළන
තාත්තේ........
ඇයි නුඹ මෙහෙම ඉන්නෙ......

^සූ

No comments:

Post a Comment

hi