Sunday, November 4, 2012

උදා වෙනකං..!



කැලණි ගඟ අසබඩය
කැදලි කුරුලු රඟදුන් ඉසව්වය
ලොවට බැරිවූ කැදලි මත
ලගින පාත්තයෝය
වසන්තය
වසරකට
දෙතුන් වතාවක් එන්නේය
කදමලු බලාපොරොත්තු
මහා පෙරහරින් වඩින්නේය

වසන්තය උදාකරන්නේ වුවද
ශීතෙන් ගිම්හානෙන් තැවෙන්නේය
අනාරාධිතව කළුගං කොමලිය
ගෙට වඩින්නේය
නොකියාම විත් සියල්ල
‍රැගෙන යන්නේය
කැදලිද
කුරුලු බටිත්තන් සඟවා ගන්නේය
වසන්තය ගෙනෙන නෙත්වල
කිඹුල් මල් පිපෙන්නේය
දුක හලා හිනැහිලා යන්නේය
එහෙත් තවමත් දැවෙන්නේය
තැවෙන්නේය
තවම
කළුගං කොමළිය වඩින්නේය
සියල්ල සඟවා ගන්නේය
වසන්තය උදාවනතෙක්
තවම මග බලන්නේය
දෑස් දල්වා හිඳින්නේය
සපතකර පොරොන්දු දෙන්නේය
තවම ගඟ ගලන්නේය
අව්ට ලස්සනට
පෙනෙන්නේය
ලොවට මුතු ඇටය දිලෙන්නේය
බබලන්නේය
ඔපදමන වුන්ද දිලෙන්නේය
බබලන්නේය
එන්නේය යන්නේය
මග බලා හිඳින්නේය
දෑස මගට දියවී යන්නේය...

"ඇත්තෝ කති , බොති , සුඛති
නැත්තෝ සුත්ත පට හැර බලති "

^සූ

No comments:

Post a Comment

hi