Tuesday, September 17, 2013

තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම....!!!!

අඳුර දවා රැය එලි කළ ඔබේ නීල නෙත්
පහන් තාරුකාවක් සේ මසිත ලැගුම් ගත්
මිහිරි හඬින් පිනවන්නට මගේ සවන් පත්
කව් සිළුමිණ ඔබයි ළඳුනි මසිත සොරා ගත්

පාළු අඳුරු නිල් අහසක පායා මේ රැයේ
සහන් එලිය රැගෙන වඩිනු ලොවම නිදන පැයේ
කෝල කමින් දැවටි දැවටි හිඳිමින් මා ළයේ
සෝක තැවුල් නිවාලන්න වඩින්න සුර ළියේ 

තනි යහනට බර වැඩිවූ කඳුළක උණුහුම
බිඳ බිඳ ගෙවෙනා මොහොතේ තනිවී තුන් යම
සීත සුළං දැවටෙන විට ඔබේ සුමුදු ළැම
තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම
^සූ

7 comments:

  1. //සීත සුළං දැවටෙන විට ඔබේ සුමුදු ළැම
    තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම//

    රහයි බං මේ කව...

    ReplyDelete
  2. .
    සිත් යහනේ නැලවි නැලවි කිව්වට පෙම් ගී
    මත් නොවේද පාන කලේ ආල නුරාගී
    දේදුනු ඇහි බැම යොදමින් ලිව්වත් කව් ගී
    දෑස ඔබේ හැම පරයන නොවෙද සරාගී

    ReplyDelete
    Replies

    1. කුමුදක් පිපී සවසක
      දිලි දිලී කිරෙන් බැබළෙන
      හිනැහෙන සඳට තනිවම
      මා නෙතට පෙම් බැඳ .....

      Delete
  3. ඔබේ බ්ලොගය මාතලන්ගෙ සින්ඩියෙ එල්ලන්න කියා මා ඉල්ලා සිටිය...
    ඔබ සමග තව කට්ටිය රැස්වෙයි...
    මෙහෙම රස දේවල් හැංගිල බෙදාගන්න බැහැ ...
    දිගටම ලියපං ....

    ReplyDelete

hi