අඳුර දවා රැය එලි කළ ඔබේ නීල නෙත්
පහන් තාරුකාවක් සේ මසිත ලැගුම් ගත්
මිහිරි හඬින් පිනවන්නට මගේ සවන් පත්
කව් සිළුමිණ ඔබයි ළඳුනි මසිත සොරා ගත්
පාළු අඳුරු නිල් අහසක පායා මේ රැයේ
සහන් එලිය රැගෙන වඩිනු ලොවම නිදන පැයේ
කෝල කමින් දැවටි දැවටි හිඳිමින් මා ළයේ
තනි යහනට බර වැඩිවූ කඳුළක උණුහුම
බිඳ බිඳ ගෙවෙනා මොහොතේ තනිවී තුන් යම
සීත සුළං දැවටෙන විට ඔබේ සුමුදු ළැම
තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම
^සූ
//සීත සුළං දැවටෙන විට ඔබේ සුමුදු ළැම
ReplyDeleteතාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම//
රහයි බං මේ කව...
ස්තුතියි නලීන්
Delete.
ReplyDeleteසිත් යහනේ නැලවි නැලවි කිව්වට පෙම් ගී
මත් නොවේද පාන කලේ ආල නුරාගී
දේදුනු ඇහි බැම යොදමින් ලිව්වත් කව් ගී
දෑස ඔබේ හැම පරයන නොවෙද සරාගී
Deleteකුමුදක් පිපී සවසක
දිලි දිලී කිරෙන් බැබළෙන
හිනැහෙන සඳට තනිවම
මා නෙතට පෙම් බැඳ .....
lassanayi
ReplyDeleteරසයි....
ReplyDeleteඔබේ බ්ලොගය මාතලන්ගෙ සින්ඩියෙ එල්ලන්න කියා මා ඉල්ලා සිටිය...
ReplyDeleteඔබ සමග තව කට්ටිය රැස්වෙයි...
මෙහෙම රස දේවල් හැංගිල බෙදාගන්න බැහැ ...
දිගටම ලියපං ....