Thursday, June 20, 2013

නොපිළිගත් ආත්මය නොහොත් අපේ ප්‍රේමය....!!


දේදුන්නෙ පාට හත
ගලපන්න ඔබ ගාව
සඳවතිට නොවේ මා
පෙම් බැන්දෙ ළාහිරුට

ලෝ දහම මත නොනැඟි
ප්‍රේමයයි මා ඔබේ
හදට හදවත බැඳුණු
ආත්මීය ප්‍රේමයයි



අපි අපට ලංවෙන්න
කිම නොහැකි මේ ලොවේ
මියැදෙන්න මා තුළම
සනසන්න ආත්මය
ඔවුන් නොහඳුණන
අපරිමිත සෙනෙහසින්

^සූ

3 comments:

  1. හිතේ තෙරපෙන වේදනාවක්
    කිසි දිනක හැර නොයන.....

    ReplyDelete
  2. දේදුන්නට පාට එන්න ළාහිරු වගේම වැහි බිඳිතිත් අවශ්‍යයි.

    ReplyDelete
  3. හ්ම්ම්ම් බ්ලැක් පැන්තර් සහ නලීන් , දෙන්නම හරි නමුත් මම මේ කවියෙන් අදහස් කළේ වෙන දෙයක්, සාහිත්‍යයේ කාන්තාව ඉරට සමාන කරල නෑ නේද කොතනකවත්.

    ReplyDelete

hi