පිය සමර
දෑත රත්තරන් පින්කෙත
දෝර ගලන මිණි මුතු ගත
සාර පොළව මෙනි 'තුම් හිත
සාද තෙපුල් නොම තෙපලත
ගොහොරු කළල් මත ම අතුළ
මහරු තෙත් පෙමකි සුපතළ
ළහිරු කිරණ සදිසි පුවළ
රුහිරු බැතට හැරිණි උදුල
නෑර කැටුව ගෙන පෙරටම
පාර යනෙන මං තනිවම
තෝර තෝර දුන් සඳකිම
වාරු නැතිද නිහඬව කිම
^සූ
ගැඹුරු අදහසක් අපුරු වදන් වික්රමයක්.
ReplyDeleteස්තුතියි නලීන්, නිතරම මාව දිරිමත් කරනවාට බෙහෙවින්ම ස්තුතියි.
ReplyDelete