Monday, May 27, 2013

පිය සමර



දෑත රත්තරන් පින්කෙත
දෝර ගලන මිණි මුතු ගත
සාර පොළව මෙනි 'තුම් හිත
සාද තෙපුල් නොම තෙපලත

ගොහොරු කළල් මත ම  අතුළ
මහරු තෙත් පෙමකි සුපතළ
ළහිරු කිරණ  සදිසි පුවළ
රුහිරු බැතට හැරිණි උදුල


නෑර කැ‍ටුව ගෙන පෙරටම
පාර යනෙන මං තනිවම
‍තෝර ‍තෝර දුන් සඳකිම
වාරු නැතිද නිහඬව කිම


^සූ

2 comments:

  1. ගැඹුරු අදහසක් අපුරු වදන් වික්‍රමයක්.

    ReplyDelete
  2. ස්තුතියි නලීන්, නිතරම මාව දිරිමත් කරනවාට බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete

hi