අතීතය මා හැඳින
ගත්තෙමි
අඳුරු වන පෙත්
එලිය මංපෙත්
විනිවිදිමි
සිසාරා ඇවිද්දෙමි,
ජීවිතේ මැවු සිහින
කිසිවක් එහි නොදැක්කෙමි
කටුක කර්කෂ
දුකම පමණක්
නැවත වින්දෙමි...
පෙණ බුබුළු තුළ
ගෙවූ ජීවිත
පාවි පාවී ඔහේ ඇදෙනා
හැටිද දුටුවෙමි
තටු සිඳී අසරණ විලාසෙන්
එදා අපදුටු පාට සමනලුන්
විඳවනා හැටි
කඳුළු අතරින් සිනාසෙන්නට
වෙරදරන හැටි
අත්දුටූවෙමි...
පසක් කෙරුවෙමි
ඉඳිමු නොතනා
මිරිඟු මන්දිර
අටවගමු අපි
පැල්පතක් හෝ
ඝන ද්‍රව්‍යයකින්....
අදින් හෙටට ගොස්
අද අතීතය
නැවත බැලුවොත්
තුටුවිය හැකිවෙවි
සිහිනයක් නොවූ
එක ජීවමාන වස්තුවක් හෝ
අප සතුවූ බව.....
වෙර දරමු අප
නොනිඳා ගෙවන්නට
ජීවිත......!!!!
^සූ
niyama adahasak..
ReplyDeletethanx kumudhu
Delete