Thursday, April 11, 2013

වැරදිකරුවෙකු ද... නොවෙද... මං....?

දිනෙන් දින මැකීයන මුත්
ඔබ  පැළැන්දුව
මුදුවෙ සළකුණු
හිතින් කෙලෙසක
ඉවතලන්නද ,
දෙනෙත් පි‍ටු පස මැවෙන
මතකය..
ටිකින් ටික ඔබ දුරස් වූවද
අහිමි සෙනෙහස කඳුළු අතරින්,
සිය දහස් වර නුඹ
පෙනී නොපෙනෙයි
විදුලියක් සේ
ගගන දිලිසෙන,

තැවෙන විඳවන
දිනෙන් දින
පිළිවදන් මා මගෙන්
විමසමි..
වැරදිකරුවෙකු ද...
නොවෙද... මං....?

^සූ

No comments:

Post a Comment

hi