Saturday, April 20, 2013

හීන නැවත තනමු...

දකින හීන
බිඳ වැටේවි
දුක හිතේවි
නෙතින් කඳුළැලි
සැලේවි
එහෙත් අපි හීන
දකිමු......
ඒ හීන
අපව ජීවත් කරාවි...
හිරු නැගේවි
මල් පිපේවි
ඒ මලුත් පරවේවි
එහෙත් අපි හීන දකිමු..

සිත් බිඳේවි
හද සැලේවි
එහෙත් අප ජීවත් වෙමු
නැවතීමට ඉඩක් නැත
අප නැවතුණද
කාලය ගලායාවි
ලොව වෙනස් වේවි
අපි තැවේවි
එහෙත් අපට
වෙන සෙතක් නැත
බි‍ඳෙන බි‍ඳෙන විට
හීන නැවත තනමු
ඒ හීන
සඵල කර ගැන්මට
වෙර දරමු..
එයින් සතුටක් දැනේවි
එහෙත් ඒ  පැතුම්
බොඳවේවි
අපි නැවත පැතුම්
පොදි බඳිමු
ඒ පැතුම් අප
ජීවත් කරාවි.
හඬා දොඩා වැලපී
ජීවත් වෙනවාට වඩා
හීනයක් වෙනුවෙන්
ජීවත් වීම
වටින බව ඔබට
වැටහේවි....
එවිට...
ඔබ ...
ඔබට ආදරය කරාවි....

^සූ

2 comments:

hi