Thursday, June 13, 2013

හැටි.....


වේදනාවට
හිල්වෙච්චි හිතකට
ආදරය කොච්චර පිරෙව්වත්
‍රැ‍ඳෙන්නෙ නෑ.
ඇඟිලි තුඩු මත ‍රැ‍ඳෙන
සුසුම් පොදක
අමුණන්න ඔබේ ජීවය
සෙනෙහස මහාබර
කළුගලක් වගේ
දැනෙන්නයි ඕනෙ
සැහැල්ලු පියාපතක් වගේ
නොදැනෙන සෙනෙහසකින්
පලක් ඇත්ද..?


සීතල දිය බිඳක් වගේ
ඇඟ හිරිවට්ටන
දීප්තිමත් එලියක් වගේ
දෑස් නිලංකාර වෙන,
ආදරයක උණුහුමයි
හැඟුමයි සුසුම
සිරකළ යුත්තෙ
ඉන් මෙහා කිසිදු
බැඳීමකට
ආත්මයක්
සනසාලිය හැකිද....?

^සූ

2 comments:

  1. hadawathakata tiyenna puluwan ekama eka athmeeya bendimak witharada?

    ReplyDelete

hi