Wednesday, June 5, 2013

ඇගේ පහස ලබන්නෝ කවරහුද ..... ?



ඈ කළුය හීන්දෑරිය
කොණ්ඩය පොකු‍ටුය
කෙටිය, කිළු‍ටුය
ගිලුණු දෑසක් හිමිය
ප්‍රිය නූපදන හැකිළුණු
මුහුණකින්
අතරින්පතර  හැළුණු
දත් සහිත මුවකට
හිමිකම් කියන්නීය.
වත්සුණු, සඳුන්
අඳුන්, විලවුන්
නොදන්නීය,

හවසට බාර් එකෙන්
ඇති පදම් බොන්නීය
මස්ද එලවළුද 
හාල් තුනපහද
රෑට ගෙදර ගෙනෙන්නීය,
නැවත රාත්‍රියේදී,
මඟ නුගේගොඩ
අඳුරු මුල්ලක
‍රැක සිටින්නීය
නෙතඟ බැල්මෙන්
බලා ඇතමුන් සනසවන්නීය
ඇගේ තතු දනිතත්
ගම්මුන් අතර ඈ
සුවසේ වසන්නීය
සැලකුම් ලබන්නීය
ගැරහුම් නොලබන්නීය
ඈගේ රුව අපුල වුව
ඈ තවමත්
පුරුදු  ‍රැකියාවෙන්
රකින්නීය
‍රැකෙන්නීය........!!!!!

^සූ

3 comments:

  1. එහෙම වෙන්න පුලුවන්ද ඇත්තටම?

    ReplyDelete
  2. මිනිස්සුන්ව කියවද්දි දැනෙන වේදනාව... අපූරුයි ලිවීම.!!!

    ReplyDelete
  3. Black Puma මේ මට හමුවෙන සත්‍ය චරිතයක්

    ඇත්ත Ish ඒ ජීවිතේ හැටි ............

    ReplyDelete

hi