Tuesday, September 11, 2012

බාඳුරාව........

විහඟ තුඩකින් තැළුණු මලකට
යලිත් විකසිත වන්න හෙමිහිට
ළහිරු ‍රැස්වන් ස්නේහයක් ඔබ
අසල ඇත, මුත් නුඹ නිගා කළ

කපුරු මලකිය කලට නොපිපුණ
ලියතඹර මල වීය මට නුඹ
කුමුදු මලකිය ‍රැයේ සුපිපෙන
කඩුපුලකි රෑ කලම පරවෙන

සියපතක් සේ හැඩට සුපිපුණ
කිඩාරම් මල වීය පියලිය
වෙරළුමල් සුවඳකට පෙම්කළ
බාඳුරාවකි බිඟු මුළා කළ
^සූ 

2 comments:

  1. malak nam eya malak uwa mana..
    vidina vidawana hdata thuruluwa
    pibiduna men prawa yanu mana,,
    thali podi wee mihikathata thuruluwa..


    Malaka iranama ....

    ReplyDelete

hi