Tuesday, September 17, 2013

තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම....!!!!

අඳුර දවා රැය එලි කළ ඔබේ නීල නෙත්
පහන් තාරුකාවක් සේ මසිත ලැගුම් ගත්
මිහිරි හඬින් පිනවන්නට මගේ සවන් පත්
කව් සිළුමිණ ඔබයි ළඳුනි මසිත සොරා ගත්

පාළු අඳුරු නිල් අහසක පායා මේ රැයේ
සහන් එලිය රැගෙන වඩිනු ලොවම නිදන පැයේ
කෝල කමින් දැවටි දැවටි හිඳිමින් මා ළයේ
සෝක තැවුල් නිවාලන්න වඩින්න සුර ළියේ 

වීණා ...... හඬවන්න මහද වීණා.....

වීණා ...... හඬවන්න
මහද වීණා.....
මියුරු තත් සර සෙමින් පිරිමැද
කම්පනය කර රාව නංවන්න
දෙයත් ‍රැහැනෙන් බදා
වීණා... හඬවන්න
මහද වීණා...

පිරි මඳින මා සොඳුරු සිතුවිලි
කොමල අතැඟිලි ඔබේ
හෙමි හෙමින් හෙමි හෙමින් කැළතෙයි
ප්‍රමුදිතයි සිත මගේ
මුතු වැලක් සේ එකට අමුණා
වීණා ... හඬවන්න .... වීණා