Sunday, August 25, 2013

...

.
උණ්ඩයකට
තියුණු සැතකට
මා හඬ
නිහඬ කළ
හැකිය
කිසියම්ම මොහොතක
මා ලෝකයාට
සැඟවිය හැකිය....

එහෙත් ...!!

සත්‍යයේ හඬ
කිසිදා නොනවතින්නේය..
තාවකාලිකව
යටපත් කළ හැකිමුත්
නැවතිය නොහැකිය..

ඔබේ ආදරේ...


පිනි කැටයක් වගේ
ඔබේ ආදරේ ...
සැඟවිලා යනවා
දිය ‍රැලි වගේ
ඔබේ ආදරේ
වැලි පිස මකා ... යනවා...

ඔබේ නෙත් ගැටී ඔහු හා ඔබේ
ඔහු හා බැඳී යනවා
නෙතු පියවසා සුරතින් මගේ
බොඳ නෙත් වසා ඉමි මා

රමණය කළෙමි....

මා කීපවිටක්
ඈ සමඟ
රමණය කළෙමි
වෙරළේ , ගෙවත්තේ
නිදන කාමරයේ
කුස්සියේ පාවා
රමණය කළෙමි
ලන්ඩනයේ, පැරීසියේ
චීනයේ රුසියාවේ
අඳුරු අහුමුලු වල
මහත් අභිරුචියෙන්
රමණය කලෙමි.

මලින් දුමින් පිදෙමි...!!!


සැහැල්ලුව
පියාසලමි
වලාකුළක සැතපෙමි
පිනි පොදකින්
පවස නිවා ගමි
අනන්ත අහසේ
සැරිසරමි
ගිරි හෙල්ද
වනමල්ද මවමි
අනන්ත වූ අවකාශයේ
ඈතට ඈතට
දුවමි

රත් වන් නෙලුමක සුදුමැලිව මිය යෑම......!!!


බදා මා ගත වෙලා
සෙනෙහස් ‍රැහැනින්
සිරකොට
ඉර මුදුන් වූ
කට්ට අව්වේ
සි‍ටුවා මා
ජීවිතේ අතර මග
බල නහරය
කැපූ ඔබෙ ආදරය...

මග බලා සිටිමි .....!!!


දිගුකරමි
ජීවිතේ දෑත
මරණය දෙසට
වහා මා වැළඳගන්න
විඳින්නට අවැසි
ඔබේ සෙනෙහස පමණි,
හැපී ගැටී ප්‍රේමයේ
ගල් මුල් බාධක මත
හති ලමි සුසුම් ලමි
වේදනාවෙන්

ප්‍රතිබිම්භයක් තුළින්.....


මලකින් (ම)
මලකට (ම)

එ' මලින් (එ)
මලකට (ම)

...

තරණයට මහ කඳු
අවැසිය දිරි වැඩූ
සිට කඳුළින් හැඬූ
දනන් වැනසෙයි

විලවුන් සුවඳ ...


හාර හාරා මතකයේ
අහුමුලු අවුස්සා
කැන්දයි
අතීතය...
ඉඳික‍ටු තුඩු මත
තැබූ හදවත
හඬ නගයි
මහ හඬින් ලබ් ඩබ්..
නැගුණු මතකය
කැටිකොට
හෙලන්නට
වෙරදරයි බිමට,
බරවූ නියා
දෙනෙත...

පෙම...

ක්ෂිතිජ ඉම නෙත් රඳවලා
සහස් පෙම් බස් කොඳුරලා
නැගෙන රළ ලෙස නැගුණ පෙම්සිත
කිරි සිනා මුව රඳවලා
ඉසුරු ගල් පරුවත වෙලා
සෝ සුළං ‍රැළි මුහුවෙලා

ඇහි පිල්ලමක් උඩ ....


ඇහි පිල්ලමක් උඩ
නවතින්න
ඉඩ දෙන්න
ඔබෙ දෙතොල්
මත හැපී
මිය යන්න
ඉඩ දෙන්න

නුඹ යද්දි........!!


ගිනි ගහන ආදරය දෑස් මත දැල් වෙද්දි
දේදුන්න ඇහි දෙබැමයට නුවන් දැවටෙද්දි
පෙරපුරුදු හුරු ගතිය සිත පුරා දැවටෙද්දි
පුංචි රිදුමක් හිතේ ඇතිවුණා නුඹ යද්දි

ඉකි බිඳින දුක් හඬක් සවනතේ දැවටෙද්දි
නුඹ නෙවෙයි ඒ හිතයි හඬ නැගුණෙ නුඹ යද්දි