කවි කොවුල් නද...
Adbla Online Advertising
Adbla Online Advertising
Saturday, March 30, 2013
සපත කළ ප්‍රේමයද මේ....
නුවන් බැමි බිඳ
ගලන දුක් ගඟ
ඔබ නිසාමයි
ඉපදුණේ
ඉදින් කිවමැන
තවත් කුමකට
ළඟ රැඳෙන්නද
මම නුඹේ
Read more »
Wednesday, March 27, 2013
(කෙටි කතා) එදා සහ අද ...
ඈගේ බඳ වට අතක් යවා මා ඈ මා අසලට ඇදගත්තෙමි.. තුරුළු වෙමින් හුරතල් වදන් දොඩමින් ඈ සමඟ කොතරම් දුරක් පැමිණියේදැයි නිනව්වක් නොවීය.
විටෙක දෙපා බිම අද්දමින් එකිනෙකා පසුපස එලවමින් තවත් විටෙක කෝච්චියක් මෙන් ඈ ඉදිරියට තල්ලු
කරමින් වෙරළ දිගේ ඇවිද්දෙමු, මද සුළඟ අප ගත විඩාව නිවමින් හෙමිහිට හමා ගියේය.අප දෙදෙනා අතර සුළඟට රිංගා යාමට තරම් වත් ඉඩක් නොවීය. ආත්මීය කතාවක සමවැදෙමින් අපි ගමන් කළෙමු. කාලය පිළිබඳ නිනව්වක් නොවීය. අප දැහැන බිඳින්නට සමත්වූයේ එක්වරම හූහඬ නගමින් වේගයෙන් ඇදීගිය දුම්රිය පමණි... සවස හිරු අප රන් හිරු රැසින් නහවමින් ඈත ජල තලයේ කිමිදෙමින් රාත්‍රියට අඳුර එකතුකරමින්, හෙමිහිට සැඟව යන්නට පටන්ගෙන තිබුණේය.අප යන ගමන් දුර වැල්ලේ එරුණ පාසටහන් අප යන ගමනට එකින් එක පාසටහන් එක්කරමින් අප පසුපසින් අපත් සමඟම පැමිණියේය………………………………………………
Read more »
Friday, March 22, 2013
ශේෂ වූ ප්‍රේමය ....
ප්‍රේමයේ රංගනයෙන්
බැරිවූ,
ශේෂයම
සතුට කොට
ජීවත්වන
ගැහණු ඇත ලොව,
නෙක අවමන්
මායිම් නොකර තුට්ටුවකට...
විඳවීමද වින්දනයකි
ඇයට,
පිදූ පිවිතුරු
ආලය මතින් ලද...
Read more »
අමාවක පැමිණිල්ල
.
සඳවතියගෙ
වලාකුළු සළුව
උනාදමා ඇත
සැඩ සුළඟ,....
දැන් ඈ නිරුවතින්
කෙලෙස පැමිණෙන්නද
වහා ඉල්ලා අස්කරගන්න
ඔබේ පැමිණිල්ල
Read more »
අලුත් පෙම්වතියක් ඇවිත්....
පරණ අහසෙ,
අලුත් වලාකුළක්,
.
.
අයියෝ........
Read more »
Wednesday, March 20, 2013
නුඹ දන්නෑ අම්මේ........
ජැන්ඩි පහට මං ඇන්දට
සරුවට වගෙ මං උන්නට
සළකන්නට උඹට තවම
අත සරුනෑ අම්මේ...
පාන්දරින් හැමදාකම
අවදිවෙලා බත් තම්බල
එදා වේල සරිකරනව
උඹ තවමත් අම්මේ...
රෑ තුන් යම කෙඳිරි ගගා
කැහැ කැහැ පපුවත්
අතගා ඉන්නා හැටි
දකිනා විට පපුව දනව අම්මේ..
ගමේ පුංචි ඉස්කෝලෙන්
කොළඹ මහා කොලීජියට
එතනින් මං සරසවියට
ගියා තමයි අම්මේ...
නාට්ටිවල මං හිටියම
රූපවාහිනියෙ දුටුවම
අහළ පහළ ඉන්න අයට
පෙන්නුවාට අම්මේ...
උඹේ හීන මට තාමත්
හැබෑ කරන්නට බැරි බව
නුඹ දන්නෑ අම්මේ...
Read more »
Tuesday, March 19, 2013
"මහලු පෙම"
නුඹෙ රුව දැක්කම මගෙ සිත ගැස්සෙන
හැටි නුඹ දන්නෑ මියුලැසියේ
ඇහි බැමි ඉස්සෙන පැද්දෙන තාලෙට
නිතඹ සැලෙයි වැද කෙහෙ වැටියේ
හංස ලතාවට බඳ නැළවෙනවිට
සිත හැඟුමන් පිබිදෙයි
නෙලුම් විලේ පිපි දහසක් මල්වල
සුවඳ නුඹට සමවෙයි
Read more »
Wednesday, March 13, 2013
********
මද සිනාවක් පෑව මනරම්
ළසඳ අහසේ පායලා
තෙළිතුඩින් ඇඳි ඉරක් විලසට
හීන් මදහස ගෑවිලා
සෞම්‍යවන්තිය ඔබේ වතමට
පෑ සඳකි අතරින් වලා.
දෙනෙත් අග රැඳි
හීන කැටයම්
Read more »
Tuesday, March 12, 2013
ශුන්‍යවූ මිනිසා.
අනියත බවට පෙම් බැඳ
අස්ථිර ලොවට ලොබ කළ
නැසුණු තැන සියල්ල
ශුන්‍යවූ මිනිසා
දෙනෙත් අභිමුව මැවෙන
මිරිඟු පසුපස ඇදුණ
කාෂ්ටක බිමක
අතරමං වූ
ශුන්‍යවූ මිනිසා
මහා බර සුසුමක් පිටකොට
ජීවය අගින් ගිලිහෙන
නිස්සාර ජීවිතය,
Read more »
ටිකෙන් ටික දැවි දැවී හළුවේ
ටිකෙන් ටික දැවි දැවී හළුවේ
බිඳෙන් බිඳ ජීවිතේ
සුසුම්පොද රැඳි සුළං රැලි
එක්වේ ගුවන්තල
අඩ අඳුරු ජීවිතයේ
සිහින තෝරා එකිනෙක ගෙන
තනපු ජීවිතයේ
ඔබයි සොඳුරිය මා ඉරුව දුම් රොද
දවා හළුකළ
වසන්න්තය රැඳි
සොඳුරු දිවිය මගේ
Read more »
Monday, March 11, 2013
ධූම කේතුවක්
චක්‍රාවාටයේ සැරිසරා
මං හෙව්වා
ධූම කේතුවක්
සැම කල් නොදකින
සැම කල් නොපෙනෙන
වල්ගාතරුවක්
පාවී ඈත අවකාශයේ
ඉගිල ගියා
මං තනිවම....
Read more »
Thursday, March 7, 2013
බොරුකාරී _
හීනයක් වගේ ඇවිත්
වලාකුළක් වගේ
මාව වහගත්ත ඔයා,
පිණි පොදක් වගේ
මගේ සිරුර කිළිපොලපු
ඔය දෙතොල්,
භාවනාවක් වගේ
මා දැහැන් ගත කරපු
ඔය ලොකු ඇස්,
යලි ආයෙ නෑ නේද
රත්තරං......?
ඔයා හරි නපුරුයි.
මට නොකියම
යන්න ගියේ.
මා එක්ක තරහද..?
නැත්නම් ආදරේ වැඩි
නිසාද....?
Read more »
Wednesday, March 6, 2013
දැවි දැවී උන්නා කාලයක්
ඔබ ආයෙ එන්නට හිතයි නම්
එන්න නොහිතා යලි වරක්
දෝත පා මා වැළඳ ගන්නම්
පෙර පුරුදු සෙනෙහසින්
නොයෙක් මල් පිපුණා නම් තමයි
හැඩට සුවඳට නෙත් ඉමේ
නමුත් ඔබෙ මුදු සුවඳ නම්නෑ
දැනුණෙ ඒ මල් අතරේ
ඔබ එන්න එනවානම් යලිත්
මගෙ ආදරේ ඔබ පමණමයි
Read more »
Tuesday, March 5, 2013
"සැඟව ගිය නුඹට"
අවරදිගින්
හිරු බැස යන
ගොම්මන් අඩ අඳුරු
පැයක
කැදලි සොයා
සෙමින් ඇදෙන
කුරුලු කොබෙයි රෑන් පිටින්
අහස පුරා සැරි සරනව
පුර පෝයට පෙහෙවත් වී
රෑ පුරහඳ
සළු පොරවන්
හෙමි හෙමිහිට භාවනාව
සක්මන ලෙස පෙරට ඇදෙයි
රෑ උළමෙකු බෙරිහන්දෙන
මගෙ සියොළඟ සලිත කරයි.
Read more »
Monday, March 4, 2013
උමතුව _____
සුවඳ දැනුණ ආදරයක
හිත හංගන් උන්න කලක්
ජීවිතේම ඔබට දීල
බලං උන්න සතුටින් මං
මගේ හුස්ම පොද ටිකටික
අරගෙන ජීවය අරගෙන
අතර මගක අත හැරියා
ගොඩක් දුරක් අරන් ගිහින්
ඔයා ගියපු පාර පුරා
ඇස් දිව්වා දහස වරක්
අතර මංව මං මා තුළ
විඳෙව්ව දස දහස් වරක්
අතීත්යේ මං ඔස්සේ
එහාමෙහා ඇවිද්ද මං
ඔබේ සුවඳ
හැම තැනකම
හීනෙන් රස විඳාමං
Read more »
Saturday, March 2, 2013
පාළු අහසෙ කිරිපාට
හඳ මහමුහුදෙ
දිය වෙවී
කිරි පැහැ කරයි
රැලි දිය.......
හාත්පස හෝ හඬ
සංසුන් සුළඟ
වෙලයි සියොළඟ
තනිකමින්
ප්‍රදීපා ගාරයෙන් ඈතට
දුවන විදුලි
ධාරාව පසුපසින්
එළියේ සොයයි
ඔබෙ රූපය
නිසල ගල්තලය
මත සිට,
Read more »
ඔබ නැතිව ....
නෙක කුසුම් නොපිපේවි
විහඟ ගී නෑසේවි
රෑ සඳත් නොනැගේවි
හිරුත් සැඟවීයාවි
තරු පොකුරු වියැකේවි
ගගනතද කළුවේවි
වලා විසිරීයාවි
සිහිල් වැසි නොලැබේවි
මදනලත් නැතිවේවි
ගලන ගං වියැලේවි
සයුර රැලි නොනගාවි
ගසුත් ඵල නොම දේවි
Read more »
Friday, March 1, 2013
මා හිරුය ඔබ සඳුය
මා හිරුය ඔබ සඳුය
එක විටෙක හමු නොවෙන
මා සරතැසය ඔබ මදනලය
එක තැනෙක නොම රැඳෙන
මතු මතුත් පතමි
ඔබ කුසුම
මා සුවඳ වන්නට
Read more »
පෙම්බර ගුරු මෑණියනි..
ශිල්ප සතර දී අප සනහන්නට
දිවාරැයේ වෙහෙසී
අලුයම අරුණලු නැගෙන පැයේ
සිප් කිරි පෙවුමට පා නගනා
පෙම්බර ගුරු මෑණී
ඔබ යන මහමග පියුම් පිපේවා
ගුරුමව් සරස්වතී
Read more »
රෝහලේදී....
බලා සිටියෙමි මග
මතුවන තුරු
හුරු රුවක් දන්නා රුවක්
වාට්ටුව දොරකඩින්...
ඇඳන් වට රොක්ව
සුවදුක් විමසනා විට
අනෙක් අයවලුන්ගෙන්
ඉහිලුම් නොදුන් සිත
බරකළා නෙත කඳුළින්
රෝගයේ වේදනාව
පරයමින් රිදුම් දුණි
හදවත......
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)