Tuesday, October 2, 2012

ආසියාවේ ආශ්චර්යය. අරුමයක් නොවේද.

ඉනික්බිති
එසේ විය සබඳ......
වසර දෙදහස් පන්සියයක
ඉතිහාසයක්
ප්‍රෞඪ ඉතිහාසයකි.

.
විශ්ව කර්ම හෙළයන් විසූ
මහා දාගැබ්
මහා වාපීන් කළ
ලොව මවිත කළ නිමැවුම් කළ
මහා පඬුවන් , කවීන්
ලියන්නන් විසූ
තේජෝ බල පරාක්‍රම ධීර වීර
සිංහයන් විසූ
ධරණීතලය,

සහස් සුවහස් කල් පිරූපෙම

කුමට දහසක් දෙනෙත් පොපියන
නොමැතිනම් ඔබෙ රුව දකින්නට
හමන මදනල සමඟ මිතුරුව
ගයන ගීතය තනුව කිවමැන
සහස් සුවහස් කල් පිරූපෙම

අහිමි වන විට දෙනෙත් අභියස
තවත් කුමකට ගයනු පෙම්ගී
කඩාලමි පෙම් පිරුණු හදවත

තක්කඩින්ගේ සත්ත්ව කරුණාව....



ජාතියේ මුරදේවතාවුන්ගේ
ඔලු, පාදඩයින්ගේ
අතින් පැලෙන්නට

දහස් ගණනක්
තරුණ ජීවිත
මත් උවදුරෙන් වනසන
අමනයින්ගේ
නරිනාටක වලට,
නීතිය වල් වැදීමට,
ඉඩදී

නිහඬව සිට

" රටකි "

රටකි
සකල ශ්‍රීයෙන්
විරාජමාන වූ
අන්ධ මුග්ධයින්
කණවැල අල්ලන

උන් අනුවම යන
අම්ම්බරු අනුගාමිකයින්
වෙසෙන'
විලි ලැජ්ජාවට
මුව වසන්නට
සරම ගලවා
හිසවසාගත්
ජාතියක් වෙසෙන....!!!

^සූ

අසම්මතය

අසම්මතය
ප්‍රේමය
රාගය
අතර
.

.
අතරමංව

පුර හඳත් ඈ වගේ

පුර හඳත්
ඈ වගේ
වළා අතර සැඟව
සුදු මුව වසාගෙන
දෙනෙත් සඟවාගෙන

මා ළඟට නෑවිත්
පාවෙයි
ඈතට
ඈතට

මා හඬනා, හද රෑ සැළුණා

මා හඬනා, හද රෑ සැළුණා
නුඹ මා නෙතු ‍රැඳුණා, බොඳවී රුව පෙනුණා
ඔබ මා රිදවා කොහෙදෝ ගියා, යලි ළංනොවෙනා ඈතක ගියා
සඳ රෑ අහසේ බොඳවී ගියා, තරු පවා වැලපුණා

ආ___රය

රතු රෝස මලක්
රෝස මලක්
සහ
මලක්
එක හිතක්.......
දෙනෙතක්
ගතක්..

මවයි අහස් ලොව රුවන් රස

මහ සයුරේ සිට මෙපිටට ආවද
සිත කළඹන මේ කිඳුරු ළඳ
මොළකැටි දෙපතුල් සුදු මුව හස‍රැල්
උකටලි මා සිත කරයි තද
නිල් දිය කෙහෙ ‍රැල් පවනේ ලෙළදෙන
පෙණ පිඬු මුතු දළ මවයි රස